වෛද්‍ය එලියන්ත වයිට් කොවිඩ් ආසාදිතව මියයයි

September 22, 2021 at 10:32 PM

කොවිඩ් -19 වෛරසය ආසාදිතව කොළඹ ප්‍රධාන පෙලේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහුට මීට සති කිහිපයකට පෙර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියා.

විශ්ව ශක්තියෙන් කොරෝනා රෝගය සුව කිරීමට හැකි බවට ඔහු මිට පෙර මෙරට මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ජාද ලබාදී තිබුණා.