පාසැල් විවෘත කිරීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අධ්‍යාපන බලධාරීන්ට යොමු කරයි

September 21, 2021 at 11:06 PM
පාසැල් නැවත ආරම්භ කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාරදී තිබෙනවා.

පසුගිය සතියේ පැවැති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය මගිනුත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මගිනුත් සිදුකිරීමටයි.

සිසුන් 200 ට අඩු පාසැල් 5000 ක් පළමුව ආරම්භ කිරීමටයි එහිදී අවධානය යොමුව තිබුණේ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අද ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසැල් ආරම්භ කිරීමේ කාලවකවානු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතයි.