එන්නත්කරණය

September 21, 2021 at 10:20 AM

මේ වන විට මෙරට ජනගහණයෙන් 50%කට වඩා කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබේ.

මෙරට ග්‍රාමීය ප්‍රදේශවල එන්නත්කරණ කටයුතු ඉතා අභියෝගාත්මක කටයුත්තක් වන්නේ යටිතල පහසුකම් ආදිය නිසි පරිදි සංවර්ධනය වී නොමැති පසුබිමකයි.

එවන් තත්ත්වයක් තුළ පවා සෞඛ්‍ය හා ආරක්ෂක සේවා වල සාමාජිකයින් එන්නත් ලබාදීම සඳහා වෙහෙසෙන අයුරු දැක්වෙන මෙම ඡායාරූප එකතුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්‍යාලය මගින් පළකර තිබිණි.