සුරාසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවයේ යෙදුනු පිරිසක් අත්අඩංගුවට (VIDEO)

September 19, 2021 at 3:26 PM

නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබියදී සුරාසැල් විවෘත කිරිමට රජය විසින් අවසර ලබාදීමට එරෙහිව කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක යෙදුනු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩා පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවසර ලබා නොදී සුරාසැල් විවෘත කිරිමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් එලෙස විරෝධතාවයේ යෙදුණා.