සයිනොෆාම් එන්නත් මිලියන 04ක් දිවයිනට රැගෙන එයි

September 18, 2021 at 7:51 AM

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් අද අළුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයෙන් මිලදී ගත් එම සයිනොෆාම් එන්නත් තොගය බීජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇත.

වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් මෙරටට රැගෙන ආ දෙවන අවස්ථාව මෙය වනවා.

කිලෝ ග්රැම් 16,214 ක් බරැති මෙම එන්නත් පෙට්ටි 41 ක් තුළ අසුරා තිබු බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.