පාරිභෝගික අධිකාරියේ ප්‍රධානියෙකු ඉල්ලා අස්වීමේ සුදානමක (VIDEO)

September 18, 2021 at 10:43 PM

පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන සිය ධුරයෙන් ඉල්ලා ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. දේශපාලන බලපෑම් හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ.

සුදුළුෑනු බහාලුම් දෙකක් නීති විරෝධීව පිට කිරීම ඇතුළු සිදුවූ වංචා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු විසින් හෙළිකර තිබුණා.

කිරිපිටි හා සිමෙන්ති සමාගම් සමග පාරිභෝගික අධිකාරිය ගිවිසුමකට එළඹෙන ලෙසට පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් වූ යෝජනාවකට ද තුෂාන් ගුණවර්ධන සිය විරෝධය පළ කර තිබුණා.

ඊට අමතරව සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ එම සම්මුඛ සාකච්ජාවේ සම්පුර්ණ වැඩසටහනයි..