ජනපති අමෙරිකාව පිටත්ව යයි

September 18, 2021 at 6:51 AM

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දීරාජ්යි නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගේ ප්‍රධානත්වයෙන් 21 වන අඟහරුවාදා ඇරඹෙන මෙවර සමුළුවේ තේමාව “කොවිඩ් 19 – වෛරසයෙන් සුවය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු සහගත බව තුළින් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය, තිරසර බව යළි ගොඩනැගීම, පෘථිවියේ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම, මිනිසුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නැවත පණ ගැන්වීම” යන්නයි.

22 වන දින ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතීමට නියමිත අතරසැසිවාරය අතරතුර ජනාධිපතිතුමා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ ද ජනාධිපතිතුමා සමග සංචාරයට එක්ව සිටියි.