චීනයෙන් සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක් පරිත්‍යාග කරයි

September 17, 2021 at 7:44 AM
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහායි.

චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වනවා. මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.