ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

September 17, 2021 at 11:37 AM

මාර්ගගත ක්‍රමය ඔස්සේ පාසල් ළමුන් සඳහා අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් හට කිසියම් පුද්ගලයෙකු විසින් එම අධ්‍යාපන කටයුතු නවතන ලෙස කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව සෘජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව ශ්‍රී ලංකා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එසේම එම ගුරුවරුන්ට අවශ්‍යනම් 119 හදිසි ඇමතුම් අංකයටද ඒ පිළිබඳව දැනුම්දිය හැකි බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

මේ අතර ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි සම්බන්ධයෙන් නොපමාව, නිවැරදිව හා ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.