අවුරුදු 15-19ත් අතර ළමුන්ට ෆයිසර් එන්නත ලබාදීමට උපදෙස්

September 17, 2021 at 2:31 PM

වයස අවුරුදු 15-19 ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

මේ අතර නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබෙන කාල සිමාව තුලදී සුළු වශයෙන් හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල පවත්වාගෙන යාමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි හමුදාපතිවරයා කියා සිටියේ.