T20 ලෝක කුසලානයෙන් පසු තමන් ගත් තීරණය ගැන කෝලි කියයි

September 16, 2021 at 11:04 PM

ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දුවාර විස්ස කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටිනවා.

ලබන ඔක්තෝම්බර් මාසයේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත්වන බවයි කෝලි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට පමණක් නොව එම කණ්ඩායමේ නායකත්වය දැරීමට තමන් භාග්‍ය සම්පන්න වූ බව පවසන විරාට් කෝලි තමන්ට අවශ්‍ය කාල සිමාව වෙන් කර ගැනීම සඳහා මෙම තීරණය ගනු ලැබූ බව එම නිවේදනයේ සඳහන් කර සිටිනවා.

මෙම තීරණය ගැනීමට තමන්ට කාලයක් ගතවූ බවත්, තමන්ට උපකාර කළ කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, තේරීම් කමිටු සාමාජිකයින්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ සියලුම ඉන්දීය ක්‍රීඩා ලෝලින්ට තමන් ස්තුතියි වන්ත වන බවද සඳහන් කර සිටිනවා.