Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන

September 15, 2021 at 2:35 PM

SLT and Mobitel join forces: Brand unification makes history

Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා  SLT-MOBITEL හි විශේෂ අවධානයට යොමුවී තිබේ.

මෙම මාධ්‍ය වාර්තා වලට අනුව, ඖෂධ සැකසීම සම්බන්ධ ඇතැම් තොරතුරු සහ ඊට අදාළ වෙනත් ලියකියවිලි පසුගිය මාසසේදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවෙන් මැකී ගොස් ඇති අතර,  ඒ සම්බන්ධ දත්ත උපස්ථ (Backup) කර නොමැත.

2018 වසසර්දී ඖෂධ නියාමන අධිකාරිය ඖෂධ ලියාපදිංචි කිරීම සහ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත් භාරගැනීම ආරම්භ කළ බවත්, මේ සම්බන්ධ දත්ත, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  අධීක්ෂණය යටතේ, ශ්‍රී ලංකා ටෙලිකොම් හි පවත්වාගෙන යනු ලබන Lankan Government Cloud (LGC) හි ගබඩා කිරීමට කටයුතු කරන ලද බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

කෙසේ නමුත්, ‘Lanka Government Cloud’ සඳහා තමන් Hosting සේවාවන් ලබානොදෙනෙ බව  SLT – MOBITEL අවධාරණය කරයි.

එමෙන්ම එබඳු සේවාවන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබාදී නොමැති බවත්, එම අධිකාරියේ දත්ත SLT දත්ත මධ්‍යස්ථානයේ ගබඩා කර නොමැති බවත් SLT-MOBITEL වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය ලෙස, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රඳවා ඇති විශ්වාසය පලුදු වන ආකාරයේ කිසිදු ක්‍රියාවක නිරත නොවන බවත්, තම මෙහෙයුම් වල සෑම අවස්ථාවකදීම විනිවිද භාවය සහ වගකීම්සහගත භාවය ආරක්ෂා කරන බවත් SLT-MOBITEL යළි යළිත් අවධාරණය කරයි.