මරණ අඩු වුනත් කොවිඩ් පිලිබඳ දැඩි අවදානමක් පවතිනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

September 14, 2021 at 8:08 AM

කොරෝනා මරණවල අඩුවීමක් පෙන්නුම් කරන නමුත්, රට තුළ කොරෝනා වෛරසය පිළිබද ව දැඩි අවදානමක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටිනවා.

තවමත් සියයට සියයක් සෑහීමකට පත්විය හැකි තත්ත්වයට පැමිණ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2560ක් වාර්තා වී තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 488482ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර පසුගිය ඉරිදා දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 135ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,431ක් දක්වා ඉහළ ගොස් ඇත.