මෙරට තුළ ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති ආකාරය ගැන හෙළිවෙයි

September 10, 2021 at 11:56 AM

ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වෙන කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණ සම්බන්ධයෙන් වන නවතම වාර්තාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව විද්‍යාතනය විසින් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවන් අනුව මෙරට තුල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේද අතරින් සියයට 95.8ක් ඩෙල්ටා ප්‍රභේදය බවයි හෙළිවී ඇත්තේ.

කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලංකාවේ විවිධ පළාත්වල ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතයින්ගේ ජෛව සාම්පල් අනුව රටේ සමස්තයක් වශයෙන් ගත් කළ 95.8%ක් ඩෙල්ටා ප්‍රභේදය බවත් ඇතැම් දිස්ත්‍රික්කවල ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය සියයට 84 සිට 100%ක් දක්වා දක්නට ලැබෙන බවයි එම වාර්තාවේ සඳහන්.