ඇෆ්ගනිස්ථාන විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් රෂිඩ් ඛාන් ඉවත් වෙයි

September 10, 2021 at 8:00 AM

ඇෆ්ගනිස්ථාන විස්සයි 20 කණ්ඩායමේ නායකතත්වයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බව රෂිඩ් ඛාන් පවසනවා.

සිය ටිව්ටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

” කණ්ඩායමේ නායකයා ලෙස මම රටට වගකිව යුතුසේම කණ්ඩායම තේරීමේ දී එහි නිත්‍ය සාමාජිකයෙකු වීමේ අයිතිය මා සතුයි.

නමුත් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ තේරීම් කමිටුව මගේ අදහස් විමසා බැලීමකින් තොරවම මාධ්‍ය වෙත සංචිතය දැනුම් දී සිටියා.

මේ හේතුවෙන් විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට මම තීරණය කළා.

සෑම විටම ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ක්‍රීඩා කිරිමට ලැබීම සතුටක්” රෂිඩ් ඛාන් සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා.