සඳුදා සිට රට යලි විවෘත කරනවාද ?

September 9, 2021 at 10:33 PM

මේවන විට පනවා ඇති සංචරණ සීමා සහ නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේ ද නැත්ද යන්න තීරණය අද ගැනීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

රට යළි විවෘත කළ ද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් අද උදෑසන පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

සංචරණ සීමා පැනවීමට පෙර දෛනිකව කොරෝනා ආසාදිතයන් 4000 ඉක්මවා වාර්තා වූ අතර මරණ 200 ද ඉක්මවා ගිය අතර මේවන විට දෛනික ආසාදිතයන් 3000ට වඩා අඩු වී ඇති අතර මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

එබැවින් මෙම සංචරණ සීමා පැනවීම තුලින් රෝගීන් සහ මරණ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් හමුවීම මෙන්ම මරණවල අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි ඔහු අපේකෂා කරන බවත් ජනතාවසෞඛ්‍ය මාර්ගෝපදේශ වලට දැඩිව අනුගතව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ඔහු අවධාරණය කළා.