ඇමති ඩලස්, මහාචාර්ය නිලීකා මලෙවිගේ ගෙන් සමාව ඉල්ලයි

September 9, 2021 at 10:41 PM

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමාත්‍යවරයා ඇයගෙන් සමාව ඉල්ලා ඇත්තේ පසුගියදා ඇය පෞද්ගලික පාසලක් සංවිධාන කළ වෙබ් සම්මන්ත්‍රණයකදී ඇය කළ ප්‍රකාශයක් විකෘති ලෙස කර පළ කිරීමෙන් ඇයට සිදුවූ හානිය සහ සිත්වේදනාව සම්බන්ධයෙන්.