කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉවත් වෙයි

September 8, 2021 at 10:36 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ තවදුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් නොමැති බව තමන්ට හැඟී යාම නිසා ඉල්ලා අස්වූ බවයි විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර මහාචාර්ය නීලිකා මලවිගේ , කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන වෛද්‍යවරුන් ද ඉල්ලා අස්වූ අතර වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.