කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වූ විශේෂඥ වෛද්‍යවරයා

September 6, 2021 at 11:58 PM

කොවිඩ් 19 රෝග මර්දන තාක්ෂණික කමිටුවෙන් IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉල්ලා අස්වී තිබෙන බව නෙත් නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම විසින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බවයි නෙත් නිවුස් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

කොරෝනා මර්දනයට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සෑහීමට පත් නොවන බැවින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා. එවැනි තත්ත්වයක් මත තමන් තවදුරටත් කොරෝනා මර්දන හා පාලනය කිරීමේ තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රථිපල දායක නොවන බවයි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කර ඇත්තේ.

(උපුටා ගැනීම : නෙත් නිවුස් වෙබ් අඩවිය)