අද දිනයේ කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

September 6, 2021 at 9:14 AM

අද (06) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 257කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.

මේ අතර කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 – 29 අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත් දීම අද දිනයේදී සිට (06) ඇරඹෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර සිටිනවා.

මේ දිස්ත්‍රික්කවල දැනට එන්නත් කරණය සිදු කෙරෙන ස්ථානවලදීම එන්නත් දෙනු ලැබේ. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් දෙන ස්ථානවලට අමතරව විහාරමහා දේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුධ හමුදා කඳවුර සහ වේරහැර යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය වයස අවුරුදු 20 – 29 අතර පිරිසට එන්නත් දීම සඳහා තෝරාගෙන ඇත.

අද දිනයේදී කොවිඩ් මර්ධන එන්නත ලබාදෙනු ලබන ස්ථාන පහතින් දක්වා තිබෙනවා.