පාර්ලිමේන්තුව හෙට රැස්වේ : සියලුම මන්ත්‍රීවරුන්ට ඇන්ටිජන් පරීක්ෂාවක්

September 5, 2021 at 8:26 PM

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හෙට (06) දිනයේදී ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම කටයුතු සිදුකෙරෙන බව සඳහන්.

එම පරික්ෂණයන් සඳහා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සේවකයින්ට ද සහභාගී විය හැකි බවයි වාර්තා වන්නේ.

මේ අතර හෙට සහ අනිද්දා දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදී අගෝස්තු 30 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි එහිදී විවාදයට ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන හදිසි නීති රෙගුලාසිවලට අදාළ විවාදයේදී ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු විපක්ෂය සඳහන් කර සිටියේ.