දිස්ත්‍රික්කය 04ක අවුරුදු 20-29 අතර පිරිස එන්නත්කරණය හෙට සිට

September 5, 2021 at 4:32 PM

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 – 29 අතර පිරිසට කොවිඩ් මර්දන එන්නත් දීම හෙට සඳුදා (06) ඇරඹෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කර සිටිනවා.

මේ දිස්ත්‍රික්කවල දැනට එන්නත් කරණය සිදු කෙරෙන ස්ථානවලදීම එන්නත් දෙනු ලැබේ. කොළඹ දිස්ත්‍රික්කයේ දැනට එන්නත් දෙන ස්ථානවලට අමතරව විහාරමහා දේවී උද්‍යානය, දියත උයන, පනාගොඩ යුධ හමුදා කඳවුර සහ වේරහැර යුධ හමුදා වෛද්‍ය බලකා මූලස්ථානය වයස අවුරුදු 20 – 29 අතර පිරිසට එන්නත් දීම සඳහා තෝරාගෙන ඇත.

මෙසේ හෙට ඇරඹෙන වැඩසටහන යටතේ එන්නත් ලැබෙනුයේ කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල පදිංචි කරුවනට පමණි