සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට ලංකාවට

September 3, 2021 at 8:34 AM

හෙට දිනයේදී ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටිනවා. මෙය දිනක් තුලදී ශ්‍රී ලංකාවට ලබා දෙන වැඩිම කොවිඩ් මර්ධන එන්නත් තොගය බවයි චීන තානාපති කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කරමින් කියා සිටියේ.

මෙම එන්නත් මාත්‍රා මිලියන 04ත් සමග චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළ යන බවයි ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය නිවේදනය කර සිටින්නේ.