දිනේෂ් ප්‍රියන්තට කෝටි 5ක් තෑගි දෙයි

September 2, 2021 at 12:51 PM

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා.

මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක පිරිනැමීමට ද තීරණය කර ඇත.

දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර ඇත.