තව සතියක් දෙකක් රට වසා තැබුවොත් හොදයි – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු

September 1, 2021 at 9:55 PM

දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් 5,000 ක් පමණ වාර්තාවුවද වාර්තා නොවූ ආසාදිතයින් 50,000 ක් පමණ සමාජය තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. රාගම රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

කොවිඩ් -19 පාලනය සඳහා රට තවත් සතියක් හෝ දෙකක් වසාතැබීම කළ යුතු බව තම පෞද්ගලික මතය බව කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එසේම ඇය පැවසුවේ ජනතාව සැමවිටම ස්වයං විනයක් ඇතිව සෞඛ්‍ය පුරුදුවලට අනුගතව කටයුතු කිරීමෙන් කොවිඩ් රෝගයෙන් ආරක්ෂා විය හැකි බවයි.