කෝවිඩ්-19 වසංගතය ශ්‍රී ලංකාව සඳහා බෙහෙත් වට්ටෝරුවක්

September 1, 2021 at 12:10 PM

රට තුළ දැඩි සීමාවන් පනවා තිබියදීත්, SARS-CoV-2,  ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී  ලංකාවේ වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙයි. මෙම තත්වය සැහැල්ලුවට ගත යුතු නොවේ.

මුල් වුහාන් වෛරසයට වඩා දසගුණයකින් ඩෙල්ටා ප්‍රභේදය බෝවන නමුත් මරණ අනුපාතය 1% වඩාඅඩු මට්ටමක පවතී. වර්තමාන උපනතියට අනුව, මාස ගණනක් තුළමෙරට සිටින පුද්ගලයින්ගෙන් අඩකට වඩා වෛරසය ආසාදනය වීමට ඉඩඇත.

කෙසේ වෙතත්, ආසාදිතයන්ගෙන් 95% කටත් වැඩි පිරිසකට තම නිවෙස්වලම රෝගය සුව කර ගත හැකිය.

නමුත් පහත දක්වන මඟපෙන්වීම හා උපාය මාර්ග අනුගමනය කිරීමෙන්, රෝහල් ගත කිරීම 2% ටත් වඩා අඩු කළ හැකිය.

මෙහි දී ඉලක්කය වන්නේ () ස්වයං විනයතුළින් ආසාදනය වීම වැළැක්වීම සහ () රෝහල් ගත කිරීම හාමරණයහේතු වන සංකූලතා වර්ධනය වීම වැළැක්වීමයි. මේ සඳහාසෞඛ් සේවා මඟ පෙන්වීම සමඟ මහජන සහයෝගය අත්යවශ්වෙයි.

වෛරසය ආසාදනය වී තැයි PCR පරීක්ෂණ වලින් කෙරෙන නිගමන වලින් 35% ක් පමණ වැරදි. කෙසේ වෙතත්, PCR යනු හඳුනාගැනීම්පරීක්ෂණයකි. ප්රතිදේහජනක පරීක්ෂණය (RAT test) විශ්වාස කළනොහැකි නිසා වේගවත් PCR පරීක්ෂණයකින් එය ප්රතිස්ථාපනය කළයුතුය.

දැනට සිදු කෙරෙන PCR පරීක්ෂණ සංඛ්යාව රටට අවශ් ප්රමාණයෙන්හතරෙන් එකක් පමණි. එම නිසා, කොවිඩ් -19 රෝග විනිශ්චය හා ආශ්රිත මරණ පිළිබඳව අඩුවෙන් තක්සේරු කෙරෙමින් පවතී. පීසීආර්පරීක්ෂණය තවදුරටත් සීමා කළ හොත් තත්ත්වය වඩාත් නරක අතටහැරෙනු ඇත: කොවිඩ් රෝගයෙන් පෙළෙන බොහෝ අය රෝහල්වලින්පිටතදී හඳුනා නොගෙන මිය යනු ඇත.

නිවැරදි උපායමාර්ගයක් අවශ්‍යයි:

COVID-19 සුව කිරීමට ඖෂධ නොමැත.  SARS.Cov-2 ජය ගැනීමටඇති එකම ක්‍රමය නම් තමන්ගේම ශක්තිමත් ප්‍රතිශක්තිකරණයයි.  ප්‍රතිශක්තිය අඩු වීම නිසා, සංකූලතා සහ මරණ සංඛ්‍යා වැඩි වනු ඇත.

එන්නත්කරණය:

එන්නත් මඟින් පුද්ගලයින් බරපතල සංකූලතා හා මරණ වලින් ආරක්ෂාකරන නමුත් අනෙක් අයට ආසාදනය වීම වළක්වන්නේ නැත. එම නිසාගොඩනැගිල්ලකට ඇතුළු වීමට එන්නත් කාඩ්පත් (Passport) බලාත්මක කිරීම විකාරයකි.

1964 දී හෙල්සින්කි ප්රකාශය ඇතුළුජාත්යන්තර නීති කිහිපයක් ප්‍රකාරව, බලහත්කාරයෙන් එන්නත් ලබාදීම නීති විරෝධී . සියලු කොවිඩ් එන්නත් වල සඵලතාවය අඩුවෙමින් පවතින නමුදු, කෙටි කාලීනව සංකූලතා හා මරණ අඩු කිරීමඑන්නත්කරණය මඟින් බලාපොරොත්තු වේ.

රට මුළුමනින්ම එන්නත්මත යැපීම වැරදි: මර්දනකාරී ආකල්ප වෙනුවට, පරිපාලනය මිනිසුන්වෙනුවෙන් දයානුකම්පිත විය යුතුය.  

සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ නිසි ලෙස භාවිතා කිරීම:

ඵලදායී මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම, සහ සියලු, සිද්ධීන්, දේශපාලන හා ආගමික රැස්වීම් තහනම්කිරීම යන තීරණාත්මක මහජන සෞඛ් මාර්ගෝපදේශයන්මහජනතාව වෙත අවධාරණය කළ යුතුය.

N 95 හෝ KN 95 වැනි ඵලදායි මුඛ ආවරණ රජය විසින් නොමිලයේමහජනයාට ලබා දිය යුතු අතර ඒවා ආරක්ෂිතව බැහැර කිරීමේක්රියාවලියක්ද හඳුන්වා දිය යුතුය.

මුඛ ආවරණ නිශ්චිත ප්‍රමිතියකටනිෂ්පාදනය කිරීම අනිවාර්ය කළ යුතු අතර අඩු  මිලකට ඒවා නිෂ්පාදනයකිරීමට දේශීය ඇඟලුම් කම්හල් වලට පැවරිය යුතු ය. නිවෙස්නල හදන ලද රෙදි මුඛ ආවරණ පැළඳීමෙන් හෝ මුඛ ආවරණ අනිසි ලෙස භාවිතාකිරීමෙන් වෛරස් පැතිරීම වැළැක්වෙන්නේ නැත.

කෝවිඩ් වෛරසය සමඟ සෘජුවම මුහුණ දෙන සෞඛ සේවකයින්ට පුද්ගලික ආරක්ෂක කට්ටල සැපයිය යුතු අතර, සේවා මුරයක්ම පැය 06කට නොවැඩි විය යුතුය.

එය සෞඛ්‍ය සේවකයින්ගේ යහපැවැත්මට මෙන් ම සෞඛ් පද්ධතිය බිඳවැටීම වැළැක්වීමට ඉතා වැදගත් .රෝහලකට ඇතුළු වන සෑම කෙනෙකුටම වෛරස් ව්‍යාප්තිය අවම කිරීමසඳහා නොමිලේ මුහුණු ආවරණ ලබා දීමට රෝහල්වලට නියෝග කළයුතු.

රෝහල් වෙත පැමිණෙන පවුලේ සාමාජිකයින් සහ අමුත්තන්, COVID-19 සහිත පුද්ගලයින් පවා ආරක්ෂිත මුඛ ආවරණ නිවැරදිව භාවිතානොකිරීමෙන් රෝහල් තුළින්ම වෛරස් ආසාදනය වී, ගම් සහ නිවස්වවෛරසය ගෙන ගෙන යාමෙන්, නොදැනුවත්වම අනෙක් අයට ආසාදනයවෙයි.

නිවාස නිරෝධායනය:

PCR පරීක්ෂණය මඟින් COVID 19 අසාදිත බව තහවුරු වූ පසු රෝග ලක්ෂණ රහිත අවස්ථාවේ දී හෝ සුළු රෝග ලක්ෂණ සහිත මුල් අවදියේදී නිවසේ නිරෝධායනය කිරීම හොඳම විකල්පයයි.

PCR පරීක්ෂණය100% නිවැරදි නොවන හෙයින්, ආසාදිත නොවන පුද්ගලයින් සදාචාරවිරෝධී ලෙස නිරෝධායන මධ්යස්ථාන වෙත යොමු කිරීම සහ රෝහල්ගත කිරීම සුදුසු නැත. එසේ කළහොත් ඔවුන්ට වෛරසය ආසාදනය වීමේඉහළ අවදානමක් ඇත.

එම නිසා ප්‍රකෘති තත්වයට පත්වීමට හොඳමතැන නිවසයි. නිවාස රැකවරණය ලබන පුද්ගලයින් සඳහා අවශ්‍ය වූ විටඍජුවම සම්බන්ධ වීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක ගේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ගේ දුරකථන අංකසහ ක්ෂණික ඇමතුම් අංක ලබා දිය යුතුය.

ඔවුන්ගේ නිවෙස් ලේබල් කිරීමසහ පවුල් අපකීර්තියට පත් කිරීම සදාචාර විරෝධී වන අතර එයනැවැත්විය යුතුය.  

නිවසේදී, හුස්ම ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්යවශ්යයි. 95% වඩා අඩු ප්‍රතිශතයකට ඔක්සිජන් මට්ටම පහත වැටීමක් පෙන්නුම්කළහොත්  වෛද්‍ය ආධාර ලබාගැනීම හෝ රෝහලකට ඇතුත්වීමසිදුවිය යුතුය.

නිවෙස් තු රැකබලාගන්නා සියලු පුද්ගලයන්ට ඔක්සිජන්මට්ටම  නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඔක්සි මිටර් තාවකාලික භාවිතය පිණිස ලබා දිය යුතු .

මෙය කළනොහැකි අවස්ථාවන් හි දී, නිවසේ රැකබලා ගන්නා පුද්ගලයෙකු කාංසාවහෝ ව්යායාම කිරීමෙන් පසු නොවන අවස්ථාවක හුස්ම ගැනීමේඅපහසුතාවයක් පිළිබඳව පැමිණිලි කරන විට ප්‍රජා හෙදියක විසින් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් එම පුද්ගලයාගේ  ඔක්සිජන් මට්ටමපරීක්ෂා යුතුය.

ඉන් පසුව එම පුද්ගලයාට ඔක්සිජන් ලබා දීම, ද්විතියික බැක්ටීරියා ආසාදනය සඳහා ප්‍රතිජීවක ඖෂධ හෝඩෙක්සමෙතසෝන් (dexamethasone) ලබාදීම අවශ්‍යද යන්න වෛද්‍යවරුන් විසින් තීරණය කළ යුතු.

ප්රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම ඔස්සේ කෝවිඩ් පාලනයට ප්රවේශයක් :

වෛරස් රෝග වලට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමසඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ (ඇලෝපති) පුහුණුව ලද වෛද්යවරුන්විසින් වම, සජීවී ව මැදිහත් වන්නේ නැත.

COVID-19 නිසා ඇති වනසංකූලතා, රෝහල් ගතවීම් සහ මරණ වැළැක්වීම සඳහා මෙම වැරදිඅදහස නිවැරදි කළ යුතුය.  එසේ නොකිරීම සදාචාර විරෝධී .

ප්‍රතිශක්තිය, විටමින් ඩී (Vitamin-D) සහ වෛරස ආසාදනය වැළැක්වීම:ප්‍රතිශක්තිකරණ පද්ධතියේ 75% ක්‍රියාත්මකත්වය විටමින්D මතරඳා පවතින බව ඇස්තමේන්තු කර ඇත. තම රටේ ජනගහනය තුළ රුධිරයේ 25(OH)D සානද්‍රණය අඩුම රටවල් 2020 දී COVID-19 වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වූ අතර වැඩිම මරණ සංඛ්‍යාවක්ද එවැනි රටවලින් වාර්තා විය.

එම නිසා, වැඩිහිටියන් මෙන්ම රෝගයේසංකූලතාවයන් අවදානම් තත්වයට පත්විය හැකි අවු 60 වැඩිපුද්ගලයින්, විවිධ රෝගාබාධ ඇති පුද්ගලයන් හා ගැබිනි මව්වරුන්වැනි අයට ප්‍රමුඛතාවය ලබා දෙමින් රජය සෑම කෙනෙකුටම ඉහළමාත්රාවකින් විටමින් D අතිරේකයන් ලබා දිය යුතුය.

රෝහල් කාර්යමණ්ඩ, ගුරුවරුන්, පොලිසිය, තැපැල් සේවකයින්, බස් හා කුලී රථරියදුරන්, කොන්දොස්තරවරුන් වැනි මහජනතාව සමඟ නිතරමගනුදෙනු කරන අයට රෝග ලක්ෂණ ඇතිවීම වැළැක්වීම සහ රෝගයපැතිරීම අවම කිරීම සඳහා ඔවුන්ගේ ප්රතිශක්තිකරණ ශක්තිය ඉහළනැංවීම වෙනුවෙන් විටමින් D අධි- මාත්‍රාවක් ලබා දිය යුතුය.

එම නිසා එන්නත ලබා ගැනීමේදී සෑම දෙනාටම විටමින් D ලබා දීමඉතාමත් වැදගත් වේ.  ඊට අමතරව, විටමින් D ප්‍රමාණවත්  පරිදි ලබාදීමෙන් එන්නත්වල කාර්යක්ෂමතාව වැඩි කෙරෙන නිසා තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීමේ අවශ්‍යතාවයක් ද ඉස්මතු නොවනු ඇත.

 එන්නත් සංඛ්‍යාවේ හිඟකම ද විශේෂ වශයෙන් සැලකීමේ දී COVID-19ආසාදනය නිසා ප්‍රතිදේහ වර්ධනය වූවන්ට එන්නත් ලබා දීම අවශ්‍යතාවයක්  අතර එසේ දුනහොත් අහිතකර බලපෑම් ඇති වීමට ද ඉඩ ඇත.

ඊට අමතරව, ආරක්ෂිත හිරු එළියට නිරාවරණය වීම පිළිබඳව ජන මාධ්‍ය තුළින් ජනතාවට සෘජු උපදෙස් ලබා දීම අවශ්‍ය වේ.

දිනපතාඋදෑසන 10.30 .. 1.30 අතර විනාඩි 30 සිට 60 දක්වා කාලයක් තම මුහුණු සහ ඇස් ආරක්ෂා කර ගනිමින් සම මතුපිටින් තුනෙන්එකකට වැඩි ප්රමාණයක් සෘජු හිරු එළියට නිරාවරණය කිරීමට උනන්දුකරවිය යුතුය.

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වයට , මානසික හා ශාරීරික සහය, ප්‍රමාණවත් නින්ද, සහ ක්ෂුද්‍ර පෝෂක, එනම් සින්ක්, ඔමේගා -3 මේද අම්ල (මාළු තෙල්), විටමින් කේ 2, රෙස්වෙටරෝල්, ක්වෙර්සෙටින්, විටමින් සී, බී සංකීර්ණය, සහ මැග්නීසියම් (zinc, omega-3 fatty acids (fish oil), vitamin K2, resveratrol, quercetin, vitamin C and B complex, and magnesium) ප්‍රමාණවත්  ලෙස ගැනීම ද අවශ්‍ය වේ.  


මෙම සංයෝජනය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියඋත්තේජනය කිරීම විටමින් D සහය වෙයි.  කෙසේ වෙතත්, මෙම පෝෂ්පදාර්ථ අඩුපාඩු මඟහරවා ගැනීමට සහ රුධිර මට්ටම සහප්‍රතික්තිකරණ ඉහළ නැංවීමට මාස ගණනක් ගත වේ [විටමින් ඩී සහ ප්‍රතිශක්ති පද්ධතිය ගැන සෑම වෛද්‍යවරයෙකු  විසින්ම දැනගත යුතු දේ: https://vitamindstopscovid.info/05-mds/].

ආසාදනය වූ පසු බරපතල වීම වැළැක්වීම සහ සුව කිරීමට අවශ්පහසුකම් සැලසීම

SARS-CoV-2 රෝග ලක්ෂණ සාමාන්‍යයෙන දින පහක දී වර්ධනය වනඅතර එය පහව යාමට දින දහයක් පමණ ගත වේ. විටමින් D ඌනතාවයඇති අයට කෙටි කාලයකින් රෝග ලක්ෂණ මතු වෙයි.

පසුව එම රෝගලක්ෂණ උත්සන්න වී ශරීර පටක වල ඔක්සිජන් අඩු වීම නිසාහයිපොක්සියා (Hypoxia) තත්වයට පත් වීමෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර අවශ්‍ය නු ඇති අතර සුවය ලැබීමට දිගු කාලයක් ගත වීමහෝ මරණය පවා සිදුවීමට ඉඩ ඇත.  

අපගේ ඉලක්කය විය යුත්තේ රෝහල් ගත කිරීමට අවශ් විය හැකිතරමට සංකූලතා ඇති වීම වළක්වන පරිදි ශරීරය තු ශක්තිමත් ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියක සඳහා රුධිර මට්ටම [Serum 25(OH)D] සාන්ද් 50 ng/mL වඩා ඉහළ මට්ටමක් රටේජනගහනය තුළ පවත්වා ගැනීමයි.  විටමින් D විසින් අනුවර්තීප්රතිශක්තිය (innate immunity) ඉහළ නංවනු ලබයි, එසේ වූ විට ක්ෂුද් ජීවීන් ඉවත් කිරීම සඳහා ත්‍යවශ්‍ය, හදිසි ප්රතිශක්තිය වැඩිකෙරෙයි.  තිරේකව, රෝග ලක්ෂණ පහළ වීම හා සංකූලතා ඇතිවීමඅඩු කෙරෙයි.

තව , අනෙකුත් නිදන්ගත රෝග වල බරපතලකම සහ රෝහල්ගතවීම්, නොමේරූ මරණ මෙන්ම සෞඛ් සේවාවන්ට ඇති පීඩනය සහ පිරිවැයද අඩු වෙයි.  රෝගීන් ඉක්මනින් ප්රකෘති තත්වයට පත්වීමට ද හැකි වෙයි. කෝවිඩ් ප්‍රභේදයන් නිසා එන්නත් වලකාර්යක්ෂමතාව අඩු වුව ද, එම ප්‍රභේද වලින් විටමින් D හෝඅයිවර්මැක්ටින් වල වල කාර්යක්ෂමතාව අඩු නොකරයි.

COVID-19 ජය ගැනීමට ඵලදායී සහ සරල ප්‍රතිකාර ක්රම:  

විටමින් ඩී වල වැදගත්කම:

දිනකට 5,000 IU වැනි විටමින් D මාත්රාවක් ගැනීම තුළින් serum 25(OH)D  මට්ටම 50 ng/mL වඩා ඉහළ නංවාගත හැකි නමුදු ඊට මාස කිහිපයක් ගත විය හැකි ය. විටමින් D, ප්රතිශක්තිකරණ සෛලතුළට ඇතුළු වීමට පෙර, අක්මාව තුළ දී 25-hydroxyvitamin D [25(OH)D] ලට පරිවර්තනය කිරීම අත්‍යවශ්‍යයි.  එබැවින්, දිනකට200,000 IU ක් වැනි ඉහ මාත්රාක් ලබාගත්ත serum 25(OH)D සාන්ද්රණය චිකිත්සක මට්ටමට ඉහළ නැංවීමට දින 3 ක් පමණ ගත වනු ඇත. රුධිරයේ විටමින් D චිකිත්සක මට්ටමින් පවත්වා ගැනීම සඳහාදිනකට 7,000 IU හෝ 50,000 IU වැනි මාත්රා සති දෙකකට වරක්ගැනීම ප්රමාණවත් වුව ද සඳහා සති කිහිපයක් ගත වේ.

තව ද, තරබාරුකම, පරිවෘත්තීය සහලක්ෂණය (Metabolic Syndrome), හා විටමින් D ඌනතාවයන් ඇති පුද්ගලයින් සඳහා, තුන් ගුණයකින් වැඩි ඉහළ මාත්‍රාවන් අවශ්‍ය වුව , රුධිරයේ විටමින් ඩී[serum 25(OH)D] ප්‍රමාණවත් මට්ටම ඉහළ නංවාගැනීම සඳහාවසරකට වඩා ගත වේ.

මෙසේ  රුධිරයේ විටමින් ඩී [serum 25(OH)D]මට්ටම් ඉහළ නැංවීම ප්රමාද වීම නිසා SARS-CoV-2 වැනි දරුණුආසාදන පාලනය කිරීම සඳහා විටමින් ඩී3 (Vitamin D3) ඉහළමාත්රාවන් ගැනීම පමණක් ප්‍රමාණවත් නැත. සංකූලතා හා මරණවැළැක්වීම සඳහා විටමින් ඩී මට්ටම හැකි ඉක්මනින් ඉහළ දැමීම අත්‍යාවශ්‍ය වෙයි.

කැල්සිෆෙඩියෝල් සහ අයිවර්මෙක්ටින් (Calcifediol and Ivermectin:)

කෝවිඩ්19 වැනි හදිසි අවස්ථාවල දී ප්‍රබල ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලික් ඇතිකිරීම උදෙසා අත්‍යවශ්‍ය වන රුධිර 25(OH)D සාන්ද්‍රණය ඉතා කඩිනමින් 50 ng/mL  මට්ටමට වඩා ඉහළ නංවාගැනීම පිණිස විටමින් D ඖෂධීය මාත්‍රාවන් දිය යුතු වුව ද, මෑතකදී සමහර බෙහෙත් වට්ටෝරුවල වැරදි විටමින් ඩී වර්ග නිර්දේශ කරන බව ද දැකිය හැක. 

උදාහරණයක් ලෙස, විටමින් ඩී 1-ඇල්ෆා ස්ථානයේ hydroxylation (1α-කැල්සිඩෝල්) කරපු සහ කැල්සිට්රියෝල් [1,25 (OH)2D], COVID19 සහිත පුද්ගලයින් සඳහා නියම නොකළ යුතුය. මෙම ඖෂධ, වකුගඩුඅකර්මණ් වූ රෝගීන් සඳහා පමණක් වෙන් කර ඇත.

කැල්සිඩෝල් සහකැල්සිට්රියෝල් යන දෙවර්ගයේම රුධිරයේ ආයු කාලය ඉතා කෙටි වනඅතර ප්‍රතිශක්තිකරණ සෛල කෙරෙහි ඉතා සුළු බලපෑමක් ඇති කරනනමුදු විෂ වීමට ඉඩ ඇත.

භාවිතා කළ යුතු විටමින් ඩී වල නිවැරදි ස්වරූපය වන්නේ කැල්සිෆෙඩියෝල් [අර්ධ වශයෙන් සක්රී විටමින් ඩී; “25-හයිඩ්රොක්සිවිටමින් ඩී“] ය. සාමාන් විටමින් ඩී අධි-මාත්‍රාවලට අමතරව කැල්සිෆෙඩියෝල් ලබා දුන් විට පැය 4 ක් තුළ රුධිර 25(OH)D මට්ටම ඉහළ නංවා ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගයෙන් සක්‍රිය කරනු ලබයි.

කැල්සිෆෙඩියෝල් මිලිග්රෑම් 1.0 මාත්රාවක් සහ විටමින් ඩී3 මිලිග්රෑම්5.0 mg (200,000 IU) හෝ අයිවර්මෙක්ටින් 12-24 මිලිග්රෑම් මාත්රාතුනක්, රෝග නිවාරණය සඳහා හෝ රෝගයේ මුල් අවදියේදී ගත්තා නම්,වඩාත් සාර්ථක වේ.

අයිවර්මෙක්ටින් වල රෝග නිවාරණ මාත්‍රාව: වසංගත කාලය තුළ ශරීරබර කිලෝග්‍රෑමයකට 0.3 mg බැගින්, සෑම දින 14 කට වරක් 12 mg සිට24 mg දක්වා හෝ, සතිපතා 6 mg සිට 12 mg දක්වා, ගන්න.

අයිවර්මෙක්ටින් ප්‍රතිකාර මාත්‍රාව: ශරීර බර කිලෝග්‍රෑමයකට 0.4 mgබැගින්, දින 1, 3 සහ 5 දී, හෝ විකල්ප වශයෙන්, දින 5ක හෝ 7ක කාලයක් දෛනිකව 12 mg බැගින් ගන්න.

අයිවර්මෙක්ටින් 12 mg ටැබ්ලටයක් රු. 30 කට ශ්රී ලංකාවේ දී ලබා ගතහැක. මෙ ජීවිතාරක්ෂක ඖෂධය  සියලුම රජයේ හා පෞද්ගලිකරෝහල් වල බාහිර සහ නේවාසික රෝගීන් සඳහා නොමිලයේ ලබා දියයුතුය.

වෛරසය ප්‍රවර්ධනය වීම වැළැක්වීම සඳහා දෛනිකව සින්ක් (zinc) මිලි ග්‍රෑම් 25 බැගින් ලබා දීමෙන් ඉහත ප්‍රතිකාර වල ඵලදායීතාව ඉහළ නංවාගත හැකි වනු ඇත.

ඖෂධ කලින් ලබා දීමේ වැදගත්කම:

පීසීආර් (PCR) පරීක්ෂණය තුළින් රෝගය වැළඳී ඇතැයි පෙන්නුම් කළවිගසම සංකූලතා වැලැක්වීම සඳහා වඩාත්ම ලාභදායී විකල්පයවන්නේ කැල්සිෆෙඩියෝල් සහ විටමින් ඩී3 මාත්රාවන් ලබා දීමයි.  කැල්සිෆෙඩියෝල් ක්ෂණිකව ක්රියාත්මක වන අතර ඒ තුළින් රුධිරයේ25(OH)D  සාන්ද්රණය සති කිහිපයක් අඛණ්ඩව ඉහළ මට්ටමින් පවත්වා ගෙන යාමට සහ එමඟින් ඉක්මනින් සුවය ලැබීමට හැකි වෙයි.  

මෑත කාලයේ සිදු කෙරුණු සායනික අධ්‍යයනයන් මඟින් පෙන්නුම්කරන්නේ කැල්සිෆෙඩියෝල් (0.014 mg/kg ශරීර බර) , 0.5 හෝ 1 mg එක මාත්රාවක් මඟින් COVID-19 වලින් ඇති වන සංකූලතා සහමරණ, 75% කින් අඩු කරන බවයි

[[https://vitamindstopscovid.info/04-calcifediol/]].

විටමින් ඩී (Vitamin D), කැල්සිෆෙඩියෝල් (Calcifediol), සහඅයිවර්මෙක්ටින් (Ivermectin) ඖෂධ, විවිධ රෝග සඳහා නියාමකයින්විසින් අනුමත කරනු ලැබ ඇත.  

ඒවා බොහෝ රටවල බෙහෙත්වට්ටෝරුවෙන්, ඔසුසැල් කවුන්ටරයෙන්, සහ අන්තර්ජාලයෙන් ලබා ගතහැකි පහසුකම් සලසා තිබේ.  මෙම ජීවිතාරක්ෂක සහ හිමිකාර නොවන(non-proprietary) ඖෂධ වලින් සුළු හෝ අහිතකර බලපෑමක් ඇති නොවන බැවින් ඒවා වෛද්‍ය නිර්දේශයකින් තොරව (වට්ටෝරු නැතිව)ලබා ගැනීමට ඉඩ දි යුතුය.

ප්‍රතිකාර, චිකිත්සක විකල්ප සහ ප්‍රතිඵල:

විටමින් ඩී3 (https://c19study.com/d) සහ කැල්සිෆෙඩියෝල් හෝඅයිවර්මෙක්ටි[https://c19study.com] සමඟ සංයෝජනය වීමෙන්වෛරස් ප්‍රතිවර්තනය හා වෛරස් ප්‍රමාණය (virus load) අඩු වනඅතර ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරකම් වේගයෙන් ඉහළ නැංවෙයි, ඔක්සිජන් සැපයුමේ අවශ්යතාවය වැළැක්වෙයි.  

රෝගීන්ට සාර්ස්කෝවී 2 (SARS-Co-V-2) රෝගය වේගයෙන් ජය ගැනීමට  සහ පොදුවේ ප්රතිශක්තිකරණ ක්රියාකාරිත්වය වැඩි දියුණු ර ගැනීමට ඒවාඋපකාරී වේ.

COVID-19 වලින් දිවි වා ගැනීම මුළුමනින්ම රඳා පවතින්නේපුද්ගලයන් තුළ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම මතයි.

පෙරටු ප්‍රතිශක්තිකරණය මෙහි ලා අත්‍යවශ්‍යම ආරක්ෂක පද්ධතියයි.  

මෙම ක්‍රමවේදය වඩා සෞඛ්‍යාරක්ෂිත වන අතර යෝජිත ෂධ නිසිලෙස භාවිතා කිරීමෙන් සායනික ප්‍රථිපල යහපත් වේ. එහි දී භාවිතා වන්නේ මොනොක්ලෝනල් ප්‍රතිදේහ (Monoclonal antibodies), ප්‍රතිවෛරස කාරක, සහ COVID-19 එන්නත් වැනි අධික පිරිවැය සහිත ප්‍රතිකාර ක්‍රම නොව ඉතා අඩු මිල ඖෂධයන් ය.

එම ඖෂධ පරිපාලනය,ගබඩා කිරීම, සහ ප්රවාහනය ඉතාමත් සරල . එබැවින්, මෙම ප්‍රතිකාර ක්‍රමය අතිශයින්ම පහසු සහ අඩු පිරිවැය සහිත ක්‍රමවේදයකි. එවැනි ක්‍රමයක් ඇති සන්දර්භයක් තුළ කෝවිඩ් සංකූලතා වැළැක්වීමටවෛද්යවරුන් විසින් අපොහොසත් වන්නේ නම් එය සදාචාර විරෝධී බව කිව යුතුය.

අතිශය පිරිවැය ඵලදායී, බෙහෙවින් සාර් ප්රතිකාර නිර්දේශ නොකෙරෙන්නේ ඇයි?

බලපත් රහිත සහ සායනික අධ්යයන කිහිපයකින් පමණක් අනුමත කරඇති COVID එන්නත් වල හදිසි භාවිතය සඳහා අවසර දීම (EUA) ඔස්සේ එන්නත් සමාගම්, ආයෝජකයන්, සහ පරිපාලකන් උපයන ලාභය ඩොලර් බිලියන ගණනකි.

ලොව පුරා සාධනීය සායනික අත්හදා බැලීම්350 කට අධික සංඛ්යාවකින් තහවුරු වූ සාක්ෂි තිබියදීත්, කොවිඩ්-19 වැළැක්වීම සහ ප්රතිකාර කිරීම සඳහා ඉහත සඳහන් පිරිවැය ඵලදායීවෛද් ක්රම භාවිතඅනුමත කිරීම නියාමන ආයතන විසින් ප්රතික්ෂේපකෙරෙන්නේ විවිධ ලැදියා පරස්පරතා නිසා විය හැකි ය.

නියාමන අධිකාරියක් විසින් විකල්ප ප්‍රතිකාර ක්‍රමයන් අනුමත කරනු ලබන්නේ නම්, වහාම එන්නත් භාවිතා කිරීමේ අධිකාරිය අවලංගු කිරීමටනිලධාරින්ට සිදු වේ. එ සේ කළහොත් ප්‍රකෝටි ගණන් ලාභ එන්නත්සමාගම්වලට අහිමි වනු ඇත.

එම නිසා එන්නත් වලට පූර්ණ බලප‍ත්‍ර ලබා ගන්නා තුරු මෙම ලැදියා පරස්පරතා සහිත බලධාරීන් කිසිදු විකල්ප ‍ප්‍රතිකාර ක්රමයක් අනුමත කරනු තැයි සිතිය නොහැකිය.

එන්නත්සමාගම්, නිලධාරින් සහ ලිබරල් සමාජ මාධ්යන් විසින් මිලියන ගණන් මුදල් වියදම් කරමින් එන්නත් ප්‍රවර්ධනය කිරීම, එන්නත් ලබා ගැනීමටබල කිරීම සහ එන්නත් අනිවාර්ය කිරීමට නීති විරෝධී කොවිඩ් බලපත්‍ හරහා  උත්සාහ රනු ලබන්නේ සහ මෙවැනි විකල්ප වෛද්‍ය ක්‍රම පිලිබඳව වැරදි තොරතුරු ප්රචාරය කරනු ලබන්නේ සිය ලාභ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා විය හැක.

අවසානයේ  සිදු වී ඇත්තේ ආර්ථික වශයෙන් ඵලදායි, සාර්ථක විකල්ප වෛද් ක්රමකිසිවකු විසින් ප්රවර්ධනය නොකිරීම සහ ඒ තුළින් සාමාන් ජනතාවපීඩාවට පත් වීමයි.

කෝවිඩ්-19 වසංගතය හමුවේ මහජනතාවට වැදගත් නිර්දේශ 10 ක්:

1. ස්වයං නිරෝධායනය: අත්යවශ්යම අවස්ථාවකදී හැර නිවසින් බැහැරව නොයන්න. සුපිරි වෙළඳ සල්, කාර්යාල, සැලූන් වැනි වායුසමීකරණය කළ පරිසරයන් තුළ ඉතාමත් කෙටි කාලයක් පමණක් රැඳීසිටින්න.
2. මහජන සෞඛ් පියවරයන් දැඩි ලෙස පිළිපදින්න: KN  95 වැනි ඵලදායි මුඛ ආවරණ ළඳින්න. අවදානම් සහිත ප්රදේශවල මුඛ ආවරණ දෙකක් පැළඳින්න. දැඩි සමාජ දුරස්ථභාවයක් පවත්වාගැනීම සහ රැකියාවට යාමේදී හෝ නිවසට පැමිණීමේදී අත් සේදීම, සහ පවුලේ නොවන අය අතරශාරීරික දුරස්ථභාවය තබා ගැනීම වැදගත් බව සලකන්න. නමුත් නැවුම් වාතය ලබාගැනීමටසහව්යායාම කිරීමට දිනපතා ජනශුන් එළිමහන් අවකාශයන්හි ඇවිදින්න.
3. මුදල් හසුරුවන්නන් (එනම්, මුදල් අයකැමියන්, ටිල් කළමනාකරණය කරන්නන්, බස්කොන්දොස්තරවරුන්, ප්රවේශ පත් කාර්යාල) සහ ආහාරපාන කාර්ය මණ්ඩලය හැර අන් අය, අත්වැසුම් පැළඳීම අහිතකර : එය ස්වයංආසාදනය වීමේ අවදානම වැඩි කළ හැකිය.
4. පෙනහලු පුළුල් කිරීම සඳහා දිනකට කිහිප වතාවක් ගැඹුරු හුස්ම ගැනීමේ ව්යායාම කරන්න.Besenoide හෝ  Fluticasone වැනි ස්ටෙරොයිඩ කාරකයක් (steroidal agents) දිනකට දෙවරක්හෝ හතර වතාවක් ගැඹුරු ලෙස ආශ්වාස කිරීමෙන් හුස්ම ගැනීමෙන් ඔබට පහසුවක් විය හැක.
කෙසේ වෙතත්, Dexamethasone වැනි ප්රබල ස්ටෙරොයිඩ් කාරක නිවසේදී භාවිතා නොකළ යුතුය. ස්ටෙරොයිඩ් අනිසි ලෙස භාවිතා කිරීම ප්රතිශක්තිකරණ ප්රතිචාරයන් හානිකර ලෙසමැඩපැවැත්වීමට සහ වෛරස් ව්යාප්තිය වැඩි කිරීමට හේතුවක් විය හැක.
5. රට පුරා කොවිඩ් පොකුරු ව්යාප්ත වන විට සහ සිදුවීම් උත්සන්න වන විට පමණක් රට වසා දැමීමක්යෝජනා වුණු නමුදු ජූලි / අගෝස්තු මුල දී එසේ සිදු නොවිණි.
සතික් හෝ දෙකක පමණක් රට වසාදැමීමෙන් රෝගය පාලනය කළ නොහැකි වන අතර එය බරපතළ මහජන  අපහසුතාවලට, ජීවනෝපායන් අහිමි කිරීමට, හා ආර්ථික ගැටලු වලට තුඩු දෙයි. රෝග ව්‍යාප්තිය තීරණාත්මකව මර්දනය කිරීමට නම් දින 32 ත් 42 ත් අතර කාලයක් රට වසා දැමීමක් අවශ්‍ය වනු ඇත (ඇඳිරිනීතිය නොව, රෝගය පැතිරන ආසාදිත පුද්ගලයින් හමුවීම වැළැක්වීම).
6. සුරාසැල්, ආපනශාලා, සැලූන්, සංවෘත වෙළඳපො, කාර්යාල ගොඩනැගිලි, ආගමික මධ්යස්ථාන, පෙරහැරවල් හෝ රැස්වීම් මෙන්ම විශේෂයෙන් වායුසමනය කළ ස්ථාන වලට යෑමෙන් වළකින්න.
රෝගය පැතිරීම වැඩි කරන බැවින් වායුසමීකරණය කළ කාමර සහ ගොඩනැගිලිවල රැඳී සිටීමේකාලය අවම කරන්න. නැවුම් වාතය ලබා ගැනීම සඳහා ජනේල විවෘතව තබා ගන්න.
7. අනවශ්‍ය බියක් ඇතිකරගනීමෙන් වළකින්න. මානසික ආතතිය අවම කර ගන්න, භාවනා කිරීම, යෝගාකිරීම, පවුලේ සාමාජිකයින් සමඟ සංගීතය වාදනය සහ ගෘහස්ථ ක්රීඩා වැනි විවේකීක්රියාකාරකම් වල යෙදෙන්න.
8. සෑම අයෙකුම අවශ් ක්ෂුද් පෝෂක ලබා ගැනීම සඳහා වළු සහ පළතුරු, සහ මල බද්ධයවළක්වා ගැනීම සඳහා සහ කෙඳි සහිත ආහාර වලින් පරිපුර්ණ සමබල අහර වේලක් ලබා ගන්න.
දුම්පානය සහ මධ්යසාර භාවිතයෙන් වැළකෙන්න. දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනිනිදන්ගත රෝග හොඳින් පාලනය කර ගන්න. එමෙන්ම විජලනය වීම වැළැක්වීම සඳහා හොඳින්ජලය සහ දියර වර්ග පානය කිරීමට ද අමතක නොකරන්න.
9. අතිරේක ආහාරවලින් සහ දිනපතා හිරු එළියට නිරාවරණය වීම මඟින් විටමින් D ප්‍රමාණවත් ලබාගනිමින් රුධිරයේ විටමින් ඩී [25(OH)D] සාන්ද්රණය 50 ng/mL වඩා ඉහළ මට්ටමක පවත්වාගැනීම වෛරසය පරාජය කිරීමට ඉතා වැදගත් වේ.
වෛරසය අසාදනය වී ඇත්නම් ඉහත විස්තරකර ඇති පරිදි කැල්සිීඩියොල් (Calcifediol) සහ විටමින් D ඉහළ මාත්රාවක් හෝඅයිවර්මෙක්ටින් (Ivermectin) ලබා ගැනීම ඔබේ වෛද්‍යවරයාගෙන් ඉල්ලන්න.

10. COVID වලින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා රජය මත හෝ පළාත්පාලන ආයතන මතවිශ්වාසය නොතබන්න. මෙහි සඳහන් කළ දේ පිළිපැදීමෙන් හා අවදානම් සහිත හැසිරීම් වලින්වැළකීමෙන් ඔබ සහ ඔබේ පවුල ආරක්ෂා කර ගැනීම ඔබේ වගකීමයි.

ශුභවාදීව සිටින්න, මානසිකආතතිය අවම කර ගන්න, එකිනෙකාට සහයෝගය දක්වමින් අසල්වැසියන් සමඟ ඔබේ සබඳතාවර්ධනය කර ගන්න.ධනාත්මක චින්තනයක් සමඟ, ඔබ සහ පවුලේ අය සෞඛ්‍ය සම්පන්නවසිටින්න.

(වෛද්‍ය සුනිල් විමලවංශ, MD, PhD, MBA, FACP, FACE, FRCP, FRCPath, DSc.,

වෛද්‍ය අන්තරාසර්ග විද්‍යාව සහ පෝෂණය පිළිබඳ මහාචාර්ය, අධ්‍යක්ෂ, හෘද පරිවෘත්තීය හා අන්තරාසර්ග ආයතනය, නිව් ජර්සි, ඇමරිකා එක්සත් ජනපදය)