උසස් පොලිස් නිලධාරියෙකුගේ බිරිඳ සහ පුත්‍රයා කොවිඩ් ආසාදිතව මියයයි

September 1, 2021 at 8:16 AM

පොලිස්පති ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරයකුගේ බිරිඳ සහ එකම පුත්‍රයා කොලිවුඩ් ආසාදිත ව මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා නීති ශිෂ්‍යයකු වන අතර කෝවිඩ් ආසාදිත වීමෙන් කොතලාවල ආරක්ෂක විද්‍යා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සහකාර පොලිස් අධිකාරී වරයාද කොවිඩ් ආසාදිත ව කුණ්ඩසාලය පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔහු ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ද ඉකුත් සතියේදී කොවිඩ් ආසාදිත ව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වූ බවද සඳහන් වෙයි.