ලක්මව රනින් සැරසු දිනේෂ්ට යුද හමුදාවෙන් උසස් වීමක්

August 30, 2021 at 6:37 PM

පැරා ඔලිම්පික් ක්‍රීඩා උළලේදී ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් හට උසස්වීමක් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියට යටත්ව,  යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පියවර ගෙන තිබෙනවා.

හෙල්ලය විසි කිරීමේ ඉසව්වෙන් ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනා ගැනීමට සමත්වූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්, ඒ අනුව බලලත් නිලධාරි – 1 නිලයට උසස් කිරිමට යුද හමුදාපතිවරයා විසින් පියවර ගෙන ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ.

රන් පදක්කම හිමිකර ගත් බලලත් නිලධාරි දිනේෂ් ප්‍රියන්ත හේරත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව නියෝජනය කරනු ලබනවා.