ශ්‍රී ලංකාවට තවත් පැරා ඔලිම්පික් පදක්කමක්

August 30, 2021 at 5:07 PM

ටෝකියෝ හි පැවැත්වෙන 2020 පැරා ඔලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

පැරා ඔලිම්පික් තරගාවලියේදී හෙල්ලය විසි කිරීමේ F-64 ඉසව්වෙන් සමිත දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුවා.

එහිදී සමිත දුලාන් කොඩිතුවක්කු මිටර් 65.61ක් දුරක් හෙල්ලය විසි කිරීමෙන් මෙම දස්කම දැක්වුවා.