කල් ඉකුත් වූ විසා බලපත් සඳහා දඩය ඩොලර් 500ක් කෙරේ

August 29, 2021 at 10:41 AM

විදේශිකයින් සඳහා වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අගෝස්තු මස 18 වනදා හඳුන්වාදුන් නව ආගමන හා විගමන රෙගුලාසි යටතේ එම සංශෝධන සිදුකර ඇති බවයි  ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ විසා නොමැතිව හෝ විසා කාලය ඉක්මවා රැඳී සිටින පුද්ගලයින්ගෙන් අදාළ වීසා ගාස්තුවට අමතරව අමෙරිකානු ඩොලර් 500ක දඩයක් අයකරන කෙරෙනවා. අදාළ වීසා කාණ්ඩය යටතේ නව වීසා ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 40 ත් 200 ත් අතර මුදලක් අයකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ.