ඇමති බන්දුල ගුණවර්ධනට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

August 28, 2021 at 12:31 AM

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

” මාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට මේ වන විට Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ අද දින සිදු කළ rapid antigen පරීක්ෂණ වාර්තාව අනුව මා හට ද Covid 19 රෝගය වැළඳී ඇති බව තහවුරු විය. එබැවින් පසුගිය සතියක කාලය තුළ (2021-08-20) දින සිට මේ දක්වා මා සමඟ රාජකාරී ඉටුකළ රජයේ නිලධාරීන්, හිතවතුන් ඇතුළු සියළු දෙනාම ස්වයං නිරෝධායනයට ලක් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

රට මුහුණ දෙන ව්‍යසනකාරී තත්වය හමුවේ ඔබේත් සමස්ත මහජනතාවගේත් ආරක්ෂාව පිණිස මෙසේ නිරෝධායනයට ලක් වීම අප සැමගේ වගකීම බව ද සිහිපත් කරමි.

ආචාර්ය බන්දුල ගුණවර්ධන,
වෙළෙඳ අමාත්‍ය
2021.08.27″