සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන් 02ක් හෙට දිවයිනට

August 27, 2021 at 12:13 PM

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන 2 ක් හෙට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම එන්නත් තොගයත් සමඟ අගෝස්තු මාසයේ දී දිවයිනට සැපයූ සයිනොෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 7ක් දක්වා ඉහළ යන බවයි.

එමෙන්ම මේ දක්වා ශ්‍රී ලංකාව වෙත ලබාදුන් සයිනොෆාම් කොරෝනා එන්නත් ප්‍රමාණය ද එහි දී මිලියන 18 දක්වා ඉහළ යනවා.