ජනප්‍රිය ඉංග්‍රීසි ගුරුවරයෙකු සහ බිරිඳ කොවිඩ් වසංගතයට බිලිවෙයි

August 26, 2021 at 12:59 PM

සිය පස් හැවිරිදි දියණිය මෙලොව තනිකර දමා මවත් පියාත් කොරෝනා රෝගයට ගොදුරුව සිය ජීවිතවලින් සමුගන්නට සිදුවූ ශෝචනීය පුවතක් කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කිරිබත්ගොඩ වාසිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ ආචාර්යවරයකු ලෙස සේවය කළ 36 හැවිරිදි ධනංජය අනුරුද්ධ මහතා සහ 27 හැවිරිදි ඔහුගේ බිරිඳයි.

ධනංජය අනුරුද්ධ කොරෝනා වෛරසය ආසාදිතව ඉකුත් 22 වැනිදා මරණයට පත්වී ඇති අතර බිරිඳ ඊයේ (25) අලූයම මෙලොවින් සමුගෙන ඇත.

ඔවුන් දෙපලට පස් හැවිරිදි දියණියක් ද සිටින අතර මේ වනවිට ඇයට සිය ආදරණීය මව සහ පියා ද අහිමිව ගොස් ඇත.

සිය හයවැනි විවාහ සංවත්සර සැමරුමට පෙර දින එනම් අගෝස්තු 22 වෙනිදා ජීවිතයට සමුදුන් දහස් සංඛ්‍යාත දරුවන්ට ඉංග්‍රීසි භා‍ෂාව ඉගැන් වූ ඔහු අතිදක්ෂ තරුණ ගුරුවරයෙකු බව සඳහන්.

කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමයේ පදිංචිව සිටි ධනංජය අනුරාධ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ අයෙකි.

සිය ස්වාමිපුරුෂයා වන ධනංජය අනුරාධගේ වියෝව ඇසූ බිරිඳ එම කම්පනයෙන්ම ඔවුන්ගේ විවාහ සංවත්සරයදා එනම් අගෝස්තු 24 වැනිදා අලුයම 2.00ට පමණ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ජිවිතයෙන් සමුගෙන ඇත.

මියගිය ධනංජය අනුරාධ ගේ අවසන් කටයුතු 24 වැනිදා බියගම උඩුපිල, සියඹලාපෙවත්ත ආදාහනාගාරයේදී සිදුකර ඇති අතර ඔහුගේ බිරිය අංජලී පෙරේරාගේ ආදාහන කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.