නිපෝන් පේන්ට් වෙතින් රෝහල් රැසක ආරක්ෂාවට 3-In-1 MediFresh

August 24, 2021 at 7:26 PM

ජාත්‍යන්තර තීන්ත හා ආලේපන ක්ෂේත‍්‍රයේ නිර්මාණශීලී ප‍්‍රමුඛයෙකු වන නිපෝන් පේන්ට් සමාගම, දිවයින පුරා රෝහල් රැසක 3-in-1 MediFresh ආලේපනය කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාවට නංවා තිබේ. රිදී සහ සින්ක් අයන සහිතව නිපදවා ඇති 3-in-1 MediFresh ආලේපනය බැක්ටීරියා නාශක ගුණයෙන් යුක්ත ය. මෙම ව්‍යාපෘතිය කොළඹ IDH රෝහලෙන් ආරම්භ වූ අතර, මේ වනවිට රටේ තවත් ප‍්‍රධාන නගර රැසක පිහිටි රෝහල් වෙතද ව්‍යාප්ත කර තිබේ.

සිංගප්පූරුවේ ප‍්‍රමුඛ පෙළේ රසායනාගාර දෙකක් වන Productivity & Standards Board (PSB) සහ TÜV SÜD PSB හිදී සිදුකරන ලද පුළුල් මට්ටමේ පරීක්ෂණ වලට අනුව, 3-in-1 MediFresh නිෂ්පාදනයට, රෝග ඇතිකරන වෛරස වලින් ආරක්ෂාව ලබාදීමේ හැකියාව ඇති බව සායනිකව තහවුරු වී තිබේ. මේ නිසා, වෛරස නිසා ඇතිවන රෝග වලින් ආරක්ෂා වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම සහ එන්නත්කරණයට අමතරව භාවිතා කළ හැකි සාර්ථකම ආරක්ෂක ක‍්‍රමවේදයක් ලෙස මෙම නව ආලේපන වර්ගය ඇගයීමට ලක්වී ඇත.

”ලොව මුල්ම වරට, හුදෙක් අලංකාරය ඉක්මවා ගිය වැදගත්කමකින් යුත් ආලේපන වර්ගයක් හඳුන්වා දීමට සමත් වූ තීන්ත සමාගම් අතරින් එකක් බවට පත්වීමට හැකිවීම ගැන අප ආඩම්බර වනවා. එමෙන්ම මේ වනවිටත් 3-in-1 MediFresh සඳහා දේශීය වෙළඳපොළ තුළින් උණුසුම් ප‍්‍රතිචාරයක් ලැබී තිබීම සතුටට කරුණක්. පවතින තීන්ත ඉවත් නොකරම මෙය විවිධ මතුපිටවල් මත ආලේප කිරීමට හැකිවීම පාරිභෝගිකයන්ට ඉමහත් පහසුවක් වේවි.” නිපෝන් පේන්ට් ශ්‍රී ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී නිමන්ත අබේසිංහ මහතා මහතා පැවසී ය.

”රෝහල්, පාසල්, රජයේ හා පෞද්ගලික ආයතන සඳහා මෙන්ම නිවෙස් සඳහාත් 3-in-1 MediFresh තීන්ත සුදුසු බවට නිර්දේශ කර තිබෙනවා. දැනට සිදුකර ඇති පර්යේෂණ වලට අනුව, මෙම නිෂ්පාදනයට විවිධ වර්ගයේ රෝග ඇති කරන රෝග කාරක කිහිපයකින් ආරක්ෂාව සැපයීමේ හැකියාව ඇති බව පැහැදිලියි. ඒ වගේම 3-in-1 MediFresh ආලේප කළ විට, මුදල්, කාලය හා ශ‍්‍රමය වැය කරමින් මතුපිටවල් නිතර විෂබීජහරණය කිරීමේ අවශ්‍යතාව මතු වන්නේත් නැහැ.” නිමන්ත අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

3-in-1 MediFresh යනු ගොඩනැගිලි අභ්‍යන්තරයන් සඳහා භාවිතා කළ හැකි ඇක‍්‍රිලික් ඉලාස්ටොමෙරික් (Acrylic Elastomeric) ආලේපනයකි. එය ඇදුම, සෙම්ප‍්‍රතිශ්‍යා උණ, සහ උදරාබාධ ඇතුළු රෝග වර්ග ඇති කරන MRSA, E-COLI සහ Staphylococcus aureus වැනි බැක්ටීරියා වර්ග වලින් ආරක්ෂාවක් ලබාදෙයි. ජලය ඇතුළු නොවන ආලේපන වර්ගයක් වන මෙය මතුපිටවල් මත ඇති සිහින් ඉරිතැලීම් ආදිය ආවරණය කිරීමටද සමත් ය. දිවයින පුරා නිපෝන් පේන්ට් අලෙවි නියෝජිතයන් වෙතින් හෝ www.nipponpaint.lk වෙබ් අඩවියට පිවිසීමෙන් 3-in-1 MediFresh ආලේපනය මිලදීගත හැකි වේ.