වැඩිම කොවිඩ් මරණ අද වාර්තා වෙයි

August 19, 2021 at 8:59 PM

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 186ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,790ක්. ගතවු දින 18 තුලදී මෙරටින් කොවිඩ් මරණ 2,282ක් වාර්තා වී ඇත.

එම මරණ අතර අවුරුදු 30 ට අඩු පුද්ගල මරණ 04ක්, අවුරුදු 30-59 අතර පුද්ගල මරණ 35ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 147ක් වාර්තා වේ.

වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයින් 111ක් සහ කාන්තාවන් 75ක් ද වනවා.

මේ අතර අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,806 දෙනෙකු හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. සමස්ත ආසාදිතයින් ගණන 373,165ක් වන අතර සක්‍රිය ආසාදිතයින් සංඛ්‍යාව 47,847ක් දක්වා ඉහළට.