තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

August 19, 2021 at 6:44 AM

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාටයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

මන්ත්‍රීවරයා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි.