රට බලහත්කාරයෙන් වසන්න වෘත්තීය සමිති සැරසේ

August 18, 2021 at 10:45 AM

ලබන සිකුරාදා වන විට රට වසාදැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් එළඹෙන සඳුදා සිට බලහත්කාරයෙන් රට වසාදැමීමට කටයුතු කරන බව වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් පවසනවා.

වෘත්තිය සමිති කිහිපයක නියෝජිතයින් අතර පැවැති සාකච්ඡාවකදී මේ පිළිබඳ තීරණය කළ බව ඔවුන් පවසන්නේ.

“රට තුළ කොවිඩ් තත්ත්වය බරපතළ ලෙස සමාජ ගතවෙලා තියෙනවා කියන කාරණය සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රකාශයට පත්කරලා තියෙනවා. සෞඛ්‍ය අංශ මේ කොවිඩ් -19 රෝගීන් ව දරාගත නොහැකිව බරපතළ තත්ත්වයකට පත්වෙලා. සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල මියයනවා. රජයේ සේවකයින් මියයනවා. පෞද්ගලික අංශ සේවකයින් මියයනවා. සෞඛ්‍ය අංශ ලෙඩ කිරීම කියන්නේ රට ම ලෙඩවෙනවා කොවිඩ් -19 තත්ත්වය යටතේ තවදුරටත් මේ විදියට ඉස්රහට ගියොත්.

අද අපි වෘත්තීය සමිති විදියට තීරණයක් ගන්න මැදිහත් වුණේ, ආණ්ඩුවේ අසමත්කම වහගන්න කොවිඩ් පාවිච්චි කරනවා. මේ රටේ ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කොවිඩ් -19 පාලනය කරන්න ආණ්ඩුව දැන් යොමුවෙලා නෑ.” එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසන්ත සමරසිංහ සඳහන් කර සිටියේ.