තවත් එන්නත් වර්ග දෙකක ඇනවුම් කරයි : අවුරුදු 18-30ත් අතර පිරිස් එන්නත් කිරීමට රජය තීරණය කරයි

August 18, 2021 at 1:02 PM

වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබේ
කොවිඩ් 19 වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව, එන්නත් අවශ්‍යතා සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් එන්නත් ඒකකයන් සම්බන්ධයෙන් ගත් තීරණයන්ට අනුව තවත් සයිනොෆාම් මාත්‍රාවන් මිලියන 09 ක් සහ ෆයිසර් මාත්‍රාවන් මිලියන 14 ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

වසංගතයෙන් ජනගහනය ආරක්ෂා කිරීමේ අරමුණින් මුලින් මිලියන 14ක ජනගහනයක් සඳහා කොවිඩ් -19 එන්නත් කිරීමේ වැඩසටහන සැලසුම් කළ බවයි රජය පැවසුවේ.

අගෝස්තු 09 වෙනිදා වන විට මෙරටට එන්නත් මාත්‍රාවන් මිලියන 19.49 ක් ලැබී ඇති බවත් එම තොගයෙන් පළමු මාත්‍රාව ලෙස මාත්‍රාවන් මිලියන 11.26 ක් සහ දෙවන මාත්‍රාව ලෙස මාත්‍රාවන් මිලියන 3.25 ක් භාවිතා කළ බව රජය සඳහන් කර සිටියි.