පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුට කොරෝනා

August 17, 2021 at 12:53 PM

සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ටිවිට්ර් සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටිනවා.

තමන්, බිරිඳ සහ දියණියට කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වෛද්‍ය පරීක්ෂණයක් සිදුකරනු ලැබූ බවත් එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි මන්ත්‍රීවරයා සිය ට්විටර් සටහනේ දක්වා ඇත්තේ.

එමෙන්ම තමන් ඇතුළු පවුලේ සියලු දෙනා ඇසුරු කළ අයට වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙන ලෙසත්, ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා ඉල්ලීමක් සිදුකර තිබෙනවා.