තවත් කොවිඩ් මරණ 171ක් වාර්තා වෙයි

August 17, 2021 at 8:44 PM

මේ දක්වා දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 171ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යා 6,434ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගොස් ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 102ක් සහ කාන්තාවන් 69ක් වනවා.

අවුරුදු 30ට අඩු පුද්ගල මරණ 02ක්, අවුරුදු 30-59ත් අතර පුද්ගල මරණ 35ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 134ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ වාර්තා වේ දැක්වෙන්නේ.

මේ අතර අද දිනයේදී මෙරටින් හඳුනා ගැණුනු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,609ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 365,683ක් වන අතර සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 45,080ක් දක්වා ඉහළ ගොස් ඇත.