ඩෙල්ටා ප්‍රභේදයේ විකෘති 03ක් හඳුනා ගැනේ – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

August 17, 2021 at 1:58 PM

දැනට මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. මෙරට තුල කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේ ඉහල වීමට ද මෙය එක් හේතුවක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

SA 222 – V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ විකෘති භාවයක් ලෙස හඳුන්වා ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.