ජනපති සහ හිටපු අගමැති අතර හමුවක්

August 17, 2021 at 12:31 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද(17) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුව තිබෙනවා.

රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සාකච්ජා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බවත් මිට දින කිහිපයකට පෙර සර්ව පාක්ෂික නායකයින්ගේ රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් ද කරනු ලැබුවා.

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා දේශපාලන නායකයින්ට යෝජනා ඉදිරිපත් කළ හැකි බව පැහැදිලි කළ බවත් එක්සත් ජාතික පක්ෂය දැනටමත් සිය යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇති බව ද හිටපු අගමැතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

සර්ව පාක්‍ෂික නායක රැස්වීමක් සඳහා වූ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඉල්ලීමක් සිදුකරනු ලැබූ සර්ව පාක්ෂික සමුළුව කැඳවීමක් සිදුකරනු ලබන දිනය ගැන මෙතෙක් තහවුරු කිරීමක් සිදුකර නැහැ.