මහරගම පොලිසියේ 15කට කොවිඩ්

August 16, 2021 at 10:13 AM

මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සැලකෙන තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු ගෘහස්ථ නිරෝධායනයට ද ලක්කර තිබෙනවා.

මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා පසුගියදා , අනතුරකට ලක්ව රෝහල් ගතව සිටීම හේතුවෙන් ස්ථානාධිපති තනතුරේ වැඩ බැලූ පොලිස් පරීක්ෂකවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති වරයා,ඇතුළු නිලධාරීන් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

මීට අමතරව ආසාදිත නිලධාරීන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිවුදෙනකු , පොලිස් සැරයන්වරයකු, සහ පොලිස් කොස්තාපල්වරුන් හය දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ.

මේ වනවිට පොලිස් ස්ථානය සම්පූර්ණ විසබීජහරණයකට ලක් කර ඇති බවත් වාර්තා වනවා.