කුසල් ජනිත්ට කොවිඩ් ආසාදනය වෙයි

August 16, 2021 at 1:26 PM

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වනවා.

ආබාධයක් හේතුවෙන් විවේක ගන්වා සිටියි කුසල් පෙරේරා එළෙඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා වන පුහුණු සංචිතය සමග පුහුණුවීම් සඳහා ඇතුලත් වීමට පෙර සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයට කුසල් පෙරේරාගේ සහභාගිත්වය අවිනිශ්චිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.