ලබන අඟහරුවාදා සිට විවාහ මංගල සඳහා අවසර නැහැ

August 15, 2021 at 3:26 PM

ලබන අඟහරුවාදා (17) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල්‍ය සඳහා අවසර නොදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශී වන කිසිදු අවස්ථාවකටද අවසර නැත.

අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතාවයෙන් 50% කට නොවැඩි පිරිසකට පමණයි. එසේ වුවද ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකි තාක් දුරට වළකින්නැයි රජය ඉල්ලා සිටින බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටින්නේ.

කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේ තවත් එක් පියවරක් ලෙස මේ තීරණය ගෙන ඇත.