අවුරුදු 12ට වැඩි දරුවන්ටත් කොරෝනා එන්නත : අගමැති පවසයි

August 15, 2021 at 7:34 PM

වයස අවුරුදු 12ට වැඩි ළමයින්ටත් පියවරෙන් පියවර කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් රජය විසින් සැලසුම්කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) සඳහන් කර සිටියා.

දකුණු පළාත් කොවිඩ්-19 ළමා ප්‍රතිකාර ඒකකය හම්බන්තොට රෝහලේ ස්ථාපිත කර තිබෙන අතර එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ. තංගල්ල කාල්ටන් නිවසේ සිට වීඩියෝ තාක්ෂණය අගමැතිවරයා ඊට එක්වී සිටියා.

ළමයින්ට එන්නත් ලබාදීමේ දී විවිධ සංකූලතා තිබෙන දරුවන්ට එහිදී ප්‍රමුඛත්වය ලබාදෙන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.