කොවිඩ් මරණ 160ක් වාර්තා වෙයි

August 14, 2021 at 7:48 PM

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 160ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා. මෙය දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5,935ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර පුරුෂයින් 87ක් සහ කාන්තාවන් 73ක් වනවා.

මියගිය පුද්ගලයින් අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයෙක්ද, අවුරුදු 30-59 ත් අතර පුද්ගලයින් 35ක් වන අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 124ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටියා.