ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100ක් සතිපතා ආනයන කිරීමට යයි : බස්නාහිර පළාතේ නීති දැඩි කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් එයි

August 14, 2021 at 12:05 PM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේෂ මාලාවන් නීතියක් බවට පත් කරමින් ලබන සදුදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් බස්නාහිර පලාතේ පවතින සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේෂ මාලාවක් නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බවද ඇය මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ඉදිරියේදී සතිපතා ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 ක් ඉන්දියාවෙන් ආනයනය කිරිමට තීරණය කර ඇති බවද සෞඛ්‍යඅමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. කොවිඩ් ව්‍යාප්තියත් සමග ආසාදිතයින් සඳහා දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 70-72ක් වන බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් සංජිව මුණසිංහ ප්‍රකාශ කර සිටියේ.

යම් හෙයකින් ඉන්දියාවෙන් අදාළ ඔක්සිජන් ආනයන කිරීමට නොහැකි වුවහොත් සින්ගප්පුරුවෙන් ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.