සාකච්ජා අවසන් : රටම බලා සිටි තීන්දුව ගැන ඇමති චන්න කතා කරයි

August 13, 2021 at 2:57 PM

සම්පුර්ණයෙන් රට වැසීමක් සිදුනොකරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන රැස්වූ කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” වත්මන් තත්ත්වය පාලනය කිරීම ගැනයි ප්‍රධාන වශයෙන් සාකච්ජා වුනේ. එහිදී විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඒ අනුව සමහර තීන්දු තීරණ ඉදිරියේදී වෙනස් වේවි. සම්පුර්ණ වශයෙන් වසා දැමීමට බලාපොරොත්තුවක් නැහැ. යම් කිසි ආකාරයට සංචරණ සීමා තවත් දැඩි කිරීමට කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා අද දැනුම් දීමක් සිදුකරයි” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.