රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට කොරෝනා

August 13, 2021 at 4:32 PM

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර හට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයා රෝහල් ගතවීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනෙය්දී අමාත්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ සිය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග තමන් ද ස්වයං නිරෝධායනය වීමට පියවර ගත් බවයි.

මේ අතර ගතවු සති 02ක කාලය තුලදී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සහ රෝහණ දිසානායක මන්ත්‍රීවරයා හට කොරෝනා වෛරසය ආසාදනය වුවා.